Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමිට් නිවාස,මාදිවෙල නිවාසද තවම පාවිච්චි කරන හිටපු ඇමැතිවරු 24ක්

සමිට් නිවාසවල තවම හිටපු ඇමැතිවරු 20ක්; සමිට් නිවාස පාවිච්චි කරන අතර මාදිවෙල නිවාසද පාවිච්චි කරන 4ක්

සමිට් නිවාසවල තවම හිටපු ඇමැතිවරු 20ක්; සමිට් නිවාස පාවිච්චි කරන අතර මාදිවෙල නිවාසද පාවිච්චි කරන 4ක්

ආණ්ඩුවෙන් මෑතකදී ඉල්ලා අස් වූ හිටපු ඇමැතිවරුන් විස්සකට ආසන්න පිරිසක් ඔවුන් ඇමැතිවරුන් හැටියට පාවිච්චි කළ සමිට් සුපිරි නිවාසවලින් තවමත් ඉවත්වී නැතැයි වාර්තා වේ.

මේ හිටපු ඇමැතිවරුන්ට එම නිවාසවලින් වහාම ඉවත් වන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගියදා ලිඛිතව දැනුම් දුන්නේය. ඇමැතිවරුන් බොහෝ දෙනෙකුට කාලයක සිට නිල නිවාස ලබා දෙන්නේ සමිට් සුපිරි මහල් නිවාස සංකීර්ණයෙනි, හිටපු ඇමැතිවරුන්ට එම නිවාසවලින් ඉවත්වන ලෙසට මෙසේ දැනුම් දී ඇත්තේ අලුතින් පත්වූ ඇමැතිවරුන්ට නව නිවාස ලබාදීමට සිදුවී තිබෙන නිසා යැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර සමිට් නිවාස පාවිච්චි කරන අතරේදී මාදිවෙල මන්ත්‍රී නිල නිවාසද පාවිච්චි කරන හිටපු ඇමැතිවරුන් සිවුදෙනෙකු පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. ඒ අයට මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත් වන ලෙසට පාර්ලිමේන්තු ප්‍රධානීන් දැනටමත් දැනුම්දී ඇත.

මේ අතර ආණ්ඩුවෙන් මෑතකදී ඉවත් වූ හිටපු ඇමැතිවරුන්ට ඇමැතිවරුන් ලෙස ලබාදුන් ආරක්ෂාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර ඇත.

රජය මේ තීරණය ගෙන ඇත්තේ විවිධ උද්ඝෝෂණ කරුවන්ගෙන් එල්ල වන තර්ජන ගර්ජන සැලකිල්ලට ගෙනය.

Exit mobile version