Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගැබිණි මව්වරුන්ට හා කුඩා දරුවන්ට ත්‍රිපෝෂ බෙදාහැරීමත් නවතී !

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ත්‍රිපෝෂ බෙදාහැරීම නැවතී ඇති බව වාර්තා වේ.

ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන්ගේ පෝෂණ ඌණතාවලට පිළියමක් වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ ත්‍රිපෝෂ ලබාදෙනු ලැබිණි.

එහෙත් මේ වනවිට පවතින ආර්ථික අර්බුදය හමුවේ එය නතර වී ඇති බව සඳහන්.

ලංකා ත්‍රිපෝෂ සමාගමේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා තිබුණේ අමුද්‍රව්‍ය නොමැති වීම නිසා දැනට මාස තුනක සිට ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු නතර වී ඇති බවකි.

Exit mobile version