Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැට්(VAT) බදු අගය වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නෑ – මුදල් අමාත්‍ය අලි සබ්රි

වැට්(VAT) බදු අගය වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නෑ - මුදල් අමාත්‍ය අලි සබ්රි

වැට්(VAT) බදු අගය වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නෑ - මුදල් අමාත්‍ය අලි සබ්රි

එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැති බව බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී (29) මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.

එම සම්මුඛ සාකච්ඡාවේදී 2019 වසරේදී සියයට 15ක් වූ එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 8ක් දක්වා භාගයකින් අඩු කිරීමට වත්මන් රජය ගත් තීරණය වැරදි තීරණයක් බව අලි සබ්රි මහතා අදහස් දක්වා ඇත.

ශ්‍රී ලංකාවට ඉදිරි මාස 8ක කාලය සඳහා දෛනික අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක මුදලක් වැයවෙන බවත් ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආදායම් පරතරය හා වියදම් පියවා ගැනීමට ක්‍රමයක් සොයා ගැනීම සඳහා බදු වැඩි කළ යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය. දැනට පවතින වැට් බදු අගය නියත වශයෙන්ම තිරසාර නොවන බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටක වැට් බදු අගය සියයට 13ක් හෝ 14ක් දක්වා ඉහළ දැමිය යුතු බවත් අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.

නැවත ජාත්‍යන්තර ණයහිමියන්ට ගෙවීම් ආරම්භ කිරීම පිළිබඳ අදහස් දක්වමින් “ජාත්‍යන්තර ණය හිමියන්ට ලබන වසරේ සිට නැවත ගෙවීම් සිදු කිරීම ආරම්භ කළ හැකි යැයි සුභවාදීව සිතනමුත් ඒ සඳහා නිශ්චිත කාල රාමුවක් ලබාදීම ඉතාමත් අපහසු කාරණයක්” යැයි අලි සබ්රි මහතා තවදුරටත් පැවසීය.

Exit mobile version