Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන ප්‍රවාහනයට කඩිනමින් නව බලපත්‍ර ලබාදීමට තීරණයක්

ඉන්ධන ප්‍රවාහනයට කඩිනමින් නව බලපත්‍ර ලබාදීමට තීරණයක්

ඉන්ධන ප්‍රවාහනයට කඩිනමින් නව බලපත්‍ර ලබාදීමට තීරණයක්

වහාම ක්‍රියාත්මක වනපරිදි ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබානොදුන් සහ ලබාගැනීමට නොහැකිවූ නව ප්‍රවාහනකරුවන්ට කඩිනමින් නව බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇති බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.

සේවයට වාර්තා නොකරන බලපත්‍රලාභින්ගේ බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය කර ඇති බවයි ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ.

(30) දිනයේ සවස 4 වනවිට ඉන්ධන බවුසර් 384කින් සහ දුම්රිය මගින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බවත් ප්‍රමාණවත් ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, පෙට්‍රල් 92 සහ භූමිතෙල් තොග වෙළෙඳපොළට අඛණ්ඩව නිකුත් කරන බවත් එහි දැක්වෙනවා.

Exit mobile version