Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති, දුර්ලභ සතුන් ලෙස සැලකෙන ඔරන්ඔටන් පැටවෙකු මිය යයි

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති, දුර්ලභ සතුන් ලෙස සැලකෙන ඔරන්ඔටන් පැටවෙකු මිය යයි

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති, දුර්ලභ සතුන් ලෙස සැලකෙන ඔරන්ඔටන් පැටවෙකු මිය යයි

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි ඉතාම වටිනා ඔරන්ඔටන් පැටවෙකු මිය ගොස් තිබේ. ඒ, එම සත්ත්ව කුඩුවේම ජල පොකුණකට වැටීමෙනි.

මේ වනවිටත් එහි පශ්චාත් මරණ පරීක්ෂණය කරමින් ඇත.

ඔරන්ඔටන් යනු, වඳවීමේ පියස්ස මත සිටින මුළු ලෝකයේම අවධානය දිනා සිටින සත්ත්ව කොට්ඨාසයකි. ඔවුන් මේ වනවිට ඉතාම දුර්ලභ සතුන් ලෙස සැලකේ. එවැනි සතුන් පිළිබඳ දෙහිවල සත්ත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර තිබෙන ආකාරය ඉතාම කනගාටුදායකය.

මෙවැනි මාරක සහිත ස්ථානයක මේ සතුන් තැබීමත් නිසි ලෙස රැක බලා නොගැනීම ත් පිළිබඳ වහාම විධිමත්, විද්‍යාත්මක හා ස්වාධීන පරීක්ෂණයක් කිරීම දැන්වත් සිදුවිය යුතුය. එයින් වැරදිකරුවන් වන සියලු දෙනාට තරාතිරම නොබලා නිසි දඬුවම් ලබාදීම වහාම කළ යුත්තකි.

ඔරන්ඔටන් වැඩිහිටි ගැහැණු සතාද මීට මාස කිහිපයකට පෙර මියගියාය.

ඒ අනුව, ගෙවුණු මාස 5 ඇතුළත මෙවැනි අති දුර්ලභ ඔරන්ඔටන් මරණ දෙකක් වාර්තා වී තිබේ.

Exit mobile version