Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අන්තර්වාර පාලනයකට ජනපති කැමැත්ත පළකරයි

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

අන්තර්වාර පාලනයක් සඳහා ජනාධිපතිතුමා කැමැත්ත පළකළ බව ත්‍රෛනිකායික මහ නායක ස්වාමීන් වහන්සේ පවසනවා. ජනාධිපතිතුමා විසින් උන්වහන්සේ වෙත යොමුකළ ලිපියේ ඒ බව සඳහන් කර ඇති බවයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ.

රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමින් ත්‍රෛනිකායික මහ නායක ස්වාමීන් වහන්සේ පසුගියදා ජනාධිපතිතුමාට ලිපියක් යොමුකර තිබුණා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිතුමාද මහානායක ස්වාමීන් වහන්සේ වෙත (24) ලිපියක් යැවූ බව බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසනවා. ජනාධිපතිතුමා යොමුකළ ලිපියේ සාධනීය කරුණු රැසක් අන්තර්ගත බවයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ පවසන්නේ.

Exit mobile version