Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාදිනල් හිමි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සමග වතිකානයට යයි

පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක්  (22දා) උදෑසන  ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුතුමන් 08 දෙනෙකු අද අලුයම 05.02 ට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.

මීට අමතරව පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් 18 දෙනෙකු ද , පාස්කු ප්‍රහාරයේ දී වින්දිතයන් වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ වින්දිතයන් 04 දෙනෙකු ද , කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 06 දෙනෙකු ද , මීගමුව කටුවපිටිය දේවස්ථානයේ 20 දෙනෙකු ද අනෙක්  කණ්ඩායමට ඇතුළත් වී සිටියහ .

ඔවුන් පිරිස (23දා)උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබුණි .

Exit mobile version