Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන මිල වැඩි වුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව පෙර ඉන්ධන මිලට

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

ඉන්ධන මිල වැඩි වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ඊට සමගාමීව වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත.

මේ තීරණය ගෙන ඇත්තේ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය.
පවතින ඉන්ධන මිල හා ගලපා ඉන්ධන දීමනාව ලබාදීම මෙතෙක් සිදු කෙරිණ.

ඉන්ධන මිල කිහිප වතාවක් වැඩි වුවත් ඒ මිල අනුව ඉන්ධන දීමනාව වැඩි නොකර පෙර ඉන්ධන මිලටම(පෙබරවාරි මාසයේ) දීමනාව ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

Exit mobile version