Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජපක්ෂවරුන්ගේ ඥාතියෙකු ඇමරිකානු අධිකරනයේ වැරදිකරු වෙයි!

රාජපක්ෂවරුන්ගේ ඥාතියකු වන ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු වන ජාලිය වික්‍රමසූරිය මුදල් විශුද්ධිකරණ ඇතුළු චෝදනාවන්ට ඇමරිකාවේ පැවති නඩුවකදී වැරදිකරු වී ඇත. ඇමරිකානු ඩොලර් 332,027ක මුදලක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණි.
වොෂින්ටන් නුවරින් ශ්‍රී ලංකාවට තානාපති කාර්යාලයක් ලබා ගැනීම සඳහා වූ ගනුදෙනුවේදී මුදල් වංචා කරන ලදැයි ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර ඔහු එහිදී එම කාර්යාල ගනුදෙනුවට සම්බන්ධයක් නොමැති ආයතන දෙකකට මුදල් ගෙවීම සම්බන්ධයෙන් වරදකරු වී තිබුණි. එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් මුල් අවස්ථාවේදී ඔහු නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇති නමුත් පසුව එම චෝදනා ඔහු පිළිගෙන ඇත. එසේ ඔහු එම චෝදනා පිළිගෙන ඇත්තේ එම චෝදනාවලින් බේරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය භාවිත කිරීමට ගත් උත්සහාය ව්‍යර්ථ වීමෙන් පසුය.
මෙම වරද සම්බන්ධයෙන් ඔහුට දඬුවම් නියම කිරීම ජුලි මස 20 දින සිදු කිරීමට නියමිතව ඇති අතර ඒ අනුව දඩයකට හා උපරිමය අවුරුදු පහක් වූ සිරදඬුවමකට ලක්වීමට ඔහුට සිදුවන බව වාර්තාවේ.

මෙම චෝදනාවලට අදාළ මුදල් ආපසු ශ්‍රී ලංකා රජය වෙත බැර කිරීම ඔහු විසින් පසුව කර ඇතැයි වාර්තා වුවද එම මුදල් විශුද්ධිකරණ චෝදනාවලින් නිදහස් වීම සඳහා එය ප්‍රමාණවත් වී නැත.

මෙහිදී මතකයට එන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉඩම් සංවර්ධනය කිරීමේ හා ගොඩ කිරීමේ සංස්ථාවේ මුදල් භාවිතා කර සිය මව්පියන්ගේ ස්මාරකයක් ඉදිකිරීමේ ගනුදෙනුවය. එහිදී සිදුවුයේද ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු ඔහු එම මුදල් රජයට ආපසු ගෙවීමය.

රාජපක්ෂවරුන් ඇමරිකාවේදී කර ඇති රාජ්‍ය මුදල් අවභාවිතය හා ශ්‍රී ලංකාවේ කර ඇති රාජ්‍ය මුදල් අවභාවිතය අතර ඒ අනුව වෙනසක් නැත. වෙනස ඇත්තේ ඒ සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් රටවල් දෙකේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනත්, අධිකරණයත් කටයුතු කර ඇති ආකාරයේය.

Exit mobile version