Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කැඳවීමක් නොමැතිව මහජන උද්ඝෝෂණවලට හමුදාවට එන්න බෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මහේස්ත්‍රාත්වරයෙක්, දිස්ත්‍රික් ලේකම්වරයෙක් හෝ පොලිස් අධිකාරිවරයෙක් විසින් කැඳවීමක් කර නොමැති නම් මහජන උද්ඝෝෂණ පවතින ස්ථානවලට මැදිහත්වීමට හමුදාවන්ට බලයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පසුගිය අප්‍රේල් 05 වන දින පාර්ලිමේන්තුව ඉදිරිපිට මහජන විරෝධතාවයක් අතරට ආයුධ සන්නද්ධ හමුදා සාමාජිකයන් මෝටර් බයිසිකල් 4කින් පැමිණීමත් සමග නොසන්සුන්කාරී තත්වයක් ඇති වූ අතර පොලිස් නිලධාරීන් විසින් ඔවුන් එතනින් එළවා දැමීමට කටයුතු කර ආකාරය පිළිබඳ වීඩියෝ පට මාධ්‍ය හරහා ප්‍රචාරය විය. මේ සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවේ ය.

එලෙස එම ස්ථානයෙන් යුද හමුදා සාමාජිකයන් ගමන් කළේ කුමන හේතුවක් නිසාදැයි අප යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්නගෙන් විමසීමක් කළෙමු.

වෙනත් රාජකාරියක් සඳහා එම මාර්ගය හරහා ගමන් කිරීමට සිදු වූ නිසා මෙම ගැටලුව ඇති වූ බවත් එවැනි නොසන්සුන් තත්වයක් ඇති කළේ එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් බවත් ඔහු පැවසුවේ ය.

Exit mobile version