Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෝල්ෆේස් ලේ විලක් කිරීමට පෙර ඊලඟ පියවරට යන්න – සෝබිත හිමියෝ මහානායක හිමිවරුන්ගේන් ඉල්ලති

ගංජා නීතිගත කිරීම වළක්වාලීමට නොපමාව ක්‍රියාත්මක වන්න - ඕමල්පේ සෝභිත නාහිමියෝ

ගංජා නීතිගත කිරීම වළක්වාලීමට නොපමාව ක්‍රියාත්මක වන්න - ඕමල්පේ සෝභිත නාහිමියෝ

ගෝල්ෆේස් හි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාමාකාමී අරගලයක නිරතව සිටින පිරිස කුපිත කරවා ඒ ස්ථානය ලේ විලක් බවට පත් කිරීමට බලධාරීන් විවිධ කණ්ඩායම් යොදා ගනිමින් සිටින බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියෝ කියති.

සාමාකාමී ජන අරගලය විනාශ කිරීමට හෝ ඊට භීෂණය එකතු කිරීමට බලධාරීන් දරන සියලු උත්සාහයන් වහාම හකුලා ගන්නා ලෙස තමන්වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පවසති.

ආණ්ඩුවක් නොමැතිව දේශපාලන බලය බලහත්කාරයෙන් පවත්වාගෙන යෑමට උත්සාහ දරමින් සිටින පාලකයින් සැබෑ ජන මතය දැක වියරු වැටී සිටින බව උන්වහන්සේ අවධාරණය කරති. පාලකයින් කොපමණ අකාරුණිකද කියනවා නම් මහානායක හිමිවරුන්ගේ මතයට කිසිදු සැලකිල්ලක් දක්වා නැති බවට උන්වහන්සේ චොදනා කරති.

මෙවැනි පසුබිමක තවදුරටත් ඉවසා වදාරමින් නොසිට මහා නායක හිමිවරු ඊලඟ පියවරට වහාම යොමු විය යුතු බවත් තවදුරටත් එම පියවර ප්‍රමාද නොකරන ලෙසත් සෝබිත හිමියෝ වැඩිදුරත් මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති.

Exit mobile version