Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උගන්ඩාවට ප්‍රවාහනය කළේ උගන්ඩාවේ මුදල් නෝට්ටු – ශ්‍රීලංකන් ගුවන් සේවය

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ 7ක්

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ 7ක්

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මගින් පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ.

ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවය අප්‍රේල් (14) මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු කර නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ නිවේදනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පවසන්නේ, 2021 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102ක් ගුවන් මගින් ප්‍රවාහන කළ බවය. එම මුද්‍රිත ද්‍රව්‍ය තොග යැවීම කරන ලද්දේ හුදෙක් වාණිජමය මුහුණුවරකින් පමණක් වන අතර එමගින් ගුවන් සමාගමට සහ ශ්‍රී ලංකාවට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාවක් ලැබී ඇති බව එම නිවේදනයෙන් සඳහන් කර තිබේ. මෙලෙස ගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය සහිත එම ගුවන් භාණ්ඩ තොගය පිළිබඳ තොරතුරු ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව සැකසූ කොන්ත්‍රාත් වගකිම් අනුව හෙළිදරව් කළ නොහැකි බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය එම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රීලංකන් ගුවන් සේවය (14) දිනයේම නිකුත් කර තිබූ ටිවිටර් පණිවිඩයක් මගින් සඳහන් කර තිබුණේ උගන්ඩා රජය මෙරට තුළ මුද්‍රණ කටයුතු සිදු කරන ගෝලීය මුද්‍රණ සමාගමකින් උගන්ඩාවේ මුදල් නෝට්ටු ඇනවුම් කරන ලද බවය.

මේ අතර, මුදල් විශුද්ධිකරණය වැනි මූල්‍ය අපරාධ ඵලදායි ලෙස වැළැක්විය හැකි පියවර ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන් උගන්ඩාවේ මූල්‍ය කර්මාන්තය ජාත්‍යන්තර පද්ධති විසින් අසාදු ලේඛනගත කරනු ලැබීමේ අවදානමක් ඇති බව බ්‍රිතාන්‍ය ඔන්ලයින් පුවත්පතක් වන දි ඉන්ඩිපෙන්ඩන්ට් වාර්තා කර තිබේ.

Exit mobile version