Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊලෝන් මාස්ක්ගෙන් ට්විටර් සමාගම මිලදී ගැනීමට ඩොලර් බිලියන 43ක ලන්සුවක්

ඊලෝන් මාස්ක්ගෙන් ට්විටර් සමාගම මිලදී ගැනීමට ඩොලර් බිලියන 43ක ලන්සුවක්

ඊලෝන් මාස්ක්ගෙන් ට්විටර් සමාගම මිලදී ගැනීමට ඩොලර් බිලියන 43ක ලන්සුවක්

ට්විටර් සමාගම සම්පූර්ණයෙන් මිලදී ගැනීම සඳහා ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මාස්ක් ඩොලර් බිලියන 43ක ලන්සුවක් ඉදිරිපත් කර තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මිලියන 200කට වැඩි ජනතාවක් දිනපතා භාවිතා කරන සන්නිවේදන වේදිකාවක “අසාමාන්‍ය විභවය” විවෘත කළ හැකි පුද්ගලයා තමා බව ඔහු ප්‍රකාශ කර ඇති බවය.

ට්විටර් “අසාමාන්‍ය විභවයක්” ඇති බව විස්තර කරමින් මාස්ක් ප්‍රකාශ කර ඇත්තේ, ඔහුගේ අනපේක්ෂිත ලංසුව ඔහුගේ “හොඳම සහ අවසාන දීමනාව” බවය. එමෙන්ම තම යෝජනාව ප්‍රතික්ෂේප කළහොත් සමාගමේ ආයෝජනය පිළිබඳව “නැවත සලකා බලන” බවද ඔහු පවසා ඇත.

ට්විටර් සමාගම ප්‍රකාශ කර ඇත්තේ, තම අධ්‍යක්ෂ මණ්ඩලය මෙම යෝජනාව සමාලෝචනය කරන බවත් ඕනෑම ප්‍රතිචාරයක් “සියලු ට්විටර් කොටස් හිමියන්ගේ” යහපතට හේතු වන බවත්ය.

Exit mobile version