Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉදිරියේදී දරුණු ආහාර හිඟයක් ඇති වේවි – කථානායක

අද රට තුළ පවතින ඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා දරුණු ආහාර හිඟයක් ඉදිරියට ඇති විය හැකි බව අනුමාන කළ හැකි බව කථානායකවරයා පැවසීය.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දෙදින පාර්ලිමේන්තු විවාදය ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායකවරයා මේ බව කියා සිටියේය.

පසුගිය දින කිහිපය පුරා මන්ත්‍රීවරුන්ට විශාල පීඩනයකට ලක්වු බවත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවේ සහ වරප්‍රසාදවල භාරකරු ලෙස එය තරයේ හෙළා දකින බව ද කථානායකවරයා මෙහිදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් විදිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට දැනුම් දී ඇතැයි ද පැවසු කථානායකවරයා එය ජනතාව විසින් විඳිනු ලබන සාධාරණ පීඩනයක් බව ද කියා සිටියේය.

රට මුහුණ දී ඇති අර්බුදය පාර්ලිමේන්තුව තුළින් ප්‍රජාතන්ත්‍රවාදීව විසඳිය හැකි බව ද පැවසු කථානායකවරයා, මේ සතිය අවසන් වීමට පෙර මේ අර්බුදයෙන් ගොඩඒමට පොදු වැඩපිළිවෙලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව සකස් කර සියලුදෙනා ඒ වෙනුවෙන් කැපවෙන ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

Exit mobile version