Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුසියා රාජ්‍යතාන්ත්‍රිකයින් 43 දෙනෙකු පිටුවහල් කරයි; රුසියාව රාජ්‍ය තාන්ත්‍රිකයින් 10 දෙනෙකු නෙරපා හරී

රුසියා රාජ්‍යතාන්ත්‍රිකයින් 43 දෙනෙකු පිටුවහල් කරයි; රුසියාව රාජ්‍ය තාන්ත්‍රිකයින් 10 දෙනෙකු නෙරපා හරී

රුසියා රාජ්‍යතාන්ත්‍රිකයින් 43 දෙනෙකු පිටුවහල් කරයි; රුසියාව රාජ්‍ය තාන්ත්‍රිකයින් 10 දෙනෙකු නෙරපා හරී

යුරෝපා සංගමයට අයත් රටවල් 4ක් රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයින් 43 දෙනෙකු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිස රුසියා ඔත්තුසේවාවන්වලට සම්බන්ධ බවයි ඔවුන් චෝදනා කරන්නේ. අයර්ලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය හා චෙක් රාජ්‍යයේ සේවයේ නිරතව සිටි රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයිනුයි මෙලෙස පිටුවහල් කර ඇත්තේ. ඔවුන්ට එම රටවලින් පිටවීම සදහා සති දෙකක කාලයක් ලබාදී ඇති බවද සදහන්. පෝලන්තය ද පසුගිය සතියේදී රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් එරටින් පිටුවහල් කිරීමට පියවර ගත්තා.

මේ අතර එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාවෙහි රාජ්‍ය තාන්ත්‍රිකයින් 10 දෙනෙකු නෙරපා හැරීමට රුසියාව කටයුතු කළේය.

බෝල්ටික් රාජ්‍යයන් ලෙස හැඳින්වෙන මොවුන් මින් පසු රුසියාව සමග සබඳතා පැවැත්වීම අවශ්‍ය නැති බව පුටින් දන්වා ඇත. බෝල්ටික් රාජ්‍ය තාන්ත්‍රිකයින් 10 දෙනාම පිටුවහල් කළ බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. උතුරු යුරෝපයේ බෝල්ටික් මුහුදට මායිම් වූ මෙම රටවල් රුසියාවට යුක්රේන ප්‍රහාරයේදී සහය නොදැක්වීම හේතුවී ඇතැයි සඳහන්වේ.

Exit mobile version