Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නව නායකයා සෙන්දිල් තොණ්ඩමන්

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නව නායකයා සෙන්දිල් තොණ්ඩමන්

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නව නායකයා සෙන්දිල් තොණ්ඩමන්

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා ලෙස ඌව පළාත් හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් පත්කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීම සඳහා එම පක්ෂයේ ජාතික සභාව (30) දින රැස්විය.

කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදි ජාතික සභාව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ භාණ්ඩාගාරක ලෙස නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන්, පක්ෂ නායකයා වශයෙන් සෙන්දිල් තොණ්ඩමන්, පක්ෂ මහලේකම් වශයෙන් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් යන මහතුන්ව පත්කරගෙන ඇත.

එම පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් පි.පි.සත්‍යවේල්, නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් අනුෂා සිවරාජා සහ කනපති කනගරාජ් යන මහත්ම මහත්මියන් පත්කරගෙන ඇත.

Exit mobile version