Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අන්තර්ජාතික ජල ක‍්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා දිවයිනට

අන්තර්ජාතික ජල ක‍්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා දිවයිනට

අන්තර්ජාතික ජල ක‍්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා දිවයිනට

අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපති කපිතාන් හුසේන් අල් මුසාලම් මහතා (25) දිවයිනට පැමිණියේය.

කපිතාන් හුසේන් අල් මුසාලම් මහතා අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා මෙන්ම ආසියානු ඔලිම්පික් සමුළුවේ අධ්‍යක්ෂකවරයාද වේ.
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති සුරේස් සුබ්‍රමනියම් මහතාගේ සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ ආරධනයෙන් ඔහු මෙරටට පැමිණියේය.

අන්තර්ජාතික ජල ක‍්‍රීඩා සම්මේලනයේ උසස් නිලධාරියකු මෙරට සංචාරයක නිරතවන පළමු වතාව මෙය වන අතර කපිතාන් හුසේන් අල් මුසාලම් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමුවීමට සැළසුම් කර තිබෙනවා.

මෙම සංචාරයේදී කපිතාන් හුසේන් අල් මුසාලම් මහතා කිලර් වේල් ජල ක්‍රීඩා සංගමයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමටද නියමිතයි.

Exit mobile version