Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන සහ ගෑස් පෝලිම්වල මෙන්ම ඖෂධ නොමැතිව සිදුවන මරණවල වගකීම මුදල් ඇමති භාර ගත යුතුයි – ගම්මන්පිල

ඉන්ධන සහ ගෑස් පෝලිම්වල මෙන්ම ඖෂධ නොමැතිව සිදුවන මරණවල වගකීම මුදල් ඇමති භාර ගත යුතුයි - ගම්මන්පිල

ඉන්ධන සහ ගෑස් පෝලිම්වල මෙන්ම ඖෂධ නොමැතිව සිදුවන මරණවල වගකීම මුදල් ඇමති භාර ගත යුතුයි - ගම්මන්පිල

ඉන්ධන සහ ගෑස් පෝලිම්වල මෙන්ම ඖෂධ නොමැතිව සිදුවන මරණවලට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වගකිවයුතු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මුදල් අමාත්‍යවරයා නිසි කලට ගත යුතු තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනතාවට මෙවන් තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

“අපි කිව්වා IMF යන්න දැන් නෙවෙයි කිව්වේ අවුරුදු 1 1/2කට කලින් රුපියල පා කරන්න නැත්නම් රට අපායක් බවට පත් වෙනවා කියලා. එදා ඒ තීන්දු ගත්ත නම් අද කාටවත් ගෑස් පෝලිමේ ඉන්ධන පෝලිමේ ඉන්න වෙන්නේ නැහැ. අද වන විට පෝලිම්වල ඉඳලා අපේ වැඩිහිටියන් දෙදෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම හෘද රෝගවලට සහ පිළිකා රෝගවලට බෙහෙත් නැතුව අපේ රටේ දෙමව්පියන් මිය යමින් තිබෙනවා. මේ සියලුම මරණවල නිසි කලට නිසි තීන්දු නොගෙන බලා සිටිය මුදල් ඇමතිවරයා භාර ගත යුතුයි.”

Exit mobile version