Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමති සරත් වීරසේකර ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි හමුවෙයි

ඇමති සරත් වීරසේකර ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි හමුවෙයි

ඇමති සරත් වීරසේකර ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි හමුවෙයි

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි අතර හමුවක් පසුගියදා ඩුබායි හිදී සිදුවිය.

මෙහිදී අපරාධ හා ත්‍රස්තවාදී අනතුරු මැඩලීම, නීතිය ක්‍රියාත්මක කිරීම වර්ධනය කිරීම යන මාතෘකා ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට යොමු විය.

තලේබාන්වරුන් 2021 අගෝස්තු මස 15වන දින ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව ඉන්දීය සාගර කලාපයේ සිදුවන මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් වර්ධනය වී ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට සුදුසු බව ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ජාත්‍යන්තර පොලීසිය මගින් ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යතුමා විසින් ස්තුතිය පළ කළ අතර මෙම පර්යේෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් ලියොන් හා සිංගප්පූරුව වෙතින් දේශීය ආයතන හා එක්ව ක්‍රියාත්මක කිරීමට මෙරටට එවන ලද කණ්ඩායම් විසින් සිදුකරන ලද සේවාව පිළිබඳව ස්තූතිය පළ කළේය.

ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් කටයුතු ඉහළ නැංවීමට, ත්‍රස්තවාදී හා අන්තවාදී තර්ජණ හඳුනා ගැනීමට, නීතිය ක්‍රියාත්මක කිරීමේදී එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම සහ අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.

Exit mobile version