Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුසියා -යුක්‍රේන යුද්ධයෙන් සංවර්ධය වෙමින් පවතින රටවලට ආහාර සපයාගැනීමේ අර්බුදයක් – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්

රුසියා -යුක්‍රේන යුද්ධයෙන් සංවර්ධය වෙමින් පවතින රටවලට ආහාර සපයාගැනීමේ අර්බුදයක් - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්

රුසියා -යුක්‍රේන යුද්ධයෙන් සංවර්ධය වෙමින් පවතින රටවලට ආහාර සපයාගැනීමේ අර්බුදයක් - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්

යුක්‍රේන – රුසියා අර්බුදය හේතුවෙන් ලෝක ආහාර සැපයුම්දාමයටද දැඩි බලපෑමක් එල්ලකරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා. යුද්ධය තවදුරටත් ඉදිරියට ඇදී යාමෙන් සංවර්ධය වෙමින් පවතින රටවලට ආහාර සපයා ගැනීමේදී අර්බුදයක් මතුවිය හැකි බවයි ඔහු පවසන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව ඌන සංවර්ධිත රටවල් 45ක් සිය තිරිඟු පිටි අවශ්‍යතාවයෙන් සියයට තුනෙන් එකක් යුක්‍රේනයෙන් හෝ රුසියාවෙන් ලබාගන්නා අතර රටවල් 18ක් සියයට 50ක අවශ්‍යතාව සපුරාගන්නේ මෙම රටවල් දෙකෙන්. ලෝක තිරිඟු පිටි අවශ්‍යතාවය සියයට 30ක් පමණ යුක්‍රේනය හා රුසියාව අතැතිව පවතිනවා.

ලෝක ආහාර වැඩසටහනේ තිරිඟු පිටි සැපයුමෙන් අඩකට වඩා සපයන්නේද යුක්‍රේනයයි. පවතින යුධ ගැටුම් හේතුවෙන් ආහාර, ඉන්ධන, පොහොර මිල ඉහළ යමින් ඇති අතර සැපයුම්දාමද බිඳ වැටෙමින් පවතිනවා.

මෙවන් පසුබිමක සාගින්න සුළි කුණාටුවක් සේ පැතිරෙනු ඇති බවත්, ලෝකය ආහාර හිඟයකට ඇදී යනු බවත්, එය වැලැක්වීමට සෑම පියවරක්ම ගතයුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.

Exit mobile version