Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියානු ක්ෂාන්තිකර කලාපීය සමුළුව 2024 වර්ෂයේදි ශ්‍රී ලංකාවේදී

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියානු ක්ෂාන්තිකර කලාපීය සමුළුව 2024 වර්ෂයේදි ශ්‍රී ලංකාවේදී

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියානු ක්ෂාන්තිකර කලාපීය සමුළුව 2024 වර්ෂයේදි ශ්‍රී ලංකාවේදී

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියානු ක්ෂාන්තිකර කලාපීය සමුළුව 2024 වර්ෂයේදි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ආහාර සුරක්ෂිතතාවය සාක්ෂාත්කිරීම සහ සැමට ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම සඳහා ප්‍රමාණවත් තරම් උසස් තත්ත්වයේ ආහාර සපයා ගැනීමේ ප්‍රවේශයක් ඇති කිරීම උදෙසා ලොව රටවල් 130 ක් පුරා සිය ක්‍රියාකාරීත්වය ලබාදෙන එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 36 වැනි ආසියානු ක්ෂාන්තිකර කලාපීය සමුළුව බංගලාදේශයේ ඩකා නුවරදී පැවැත්වුණා.මේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එක්ව සිටියා.

එහිදී සමුළුවට සහභාගීවූ සියළු රටවල එකඟතාවයෙන් 37 වැනි ආසියානු ක්ෂාන්තිකර සමුළුව 2024 වර්ෂයේ දී රටවල් 40ක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය වුණා.

මේ අතර බංගලාදේශයේ කෘෂිකර්ම අමාත්‍ය ආචාර්ය මුහම්මද් අබ්ධුර් රසාක් මහතා (Dr.Muhammad abdur Razzaque) සහ මෙරට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක්ද මෙම බංගලාදේශ සංචාරය අතරතුර සිදුවුණා.එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබූ අමාත්‍යවරුන් බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර භෝග හුවමාරුව, කෘෂි තාක්ෂණය හුවමාරුව මෙන්ම දෙරටේම කෘෂිකර්මාන්තයේ ඉදිරි වැඩකටයුතු වල අභිවෘද්ධිය උදෙසා කරුණූ ගණනාවක් සාකච්ඡා කළා.

එමෙන්ම ලෝක ආහාර සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් කිව් ඩොන්ගිව් (Qu Dongyu) සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර කෘෂිකර්මාන්තය තවදුරටත් නගා සිටුවීමේ ඉදිරි පියවර ගැන එහිදීද සාකච්ඡාවී තිබෙනවා.

Exit mobile version