Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලිය-ඉන්ධන-ගෑස් අර්බුදය සංචාරක කර්මාන්තයට තදින්ම බලපායි.. සංචාරකයෝ ආපසු රටින් පිටවෙති..

මෙරටට පැමිණ සිටින සංචාරකයන් විදුලි අර්බුදය ඩීසල් හිගය හේතුවෙන් තම සංචාර අතරමග නවතා දමා ආපසු තම රටවල් වෙත යමින් සිටින බව සංචාරක මගපෙන්වන්නන් සහ සංචාරක හෝටල් හිමියන් කියා සිටිති.

විදුලිය ඇණ හිටි අවස්ථාවල විදුලි උත්පාදනය සඳහා හෝටල් වල ඇත්තේ ඩීසල් වලින් ක්‍රියාත්මක කරන විදුලි උත්පාදන යන්ත්‍ර බවත් ඒවාට ඩීසල් නොමැති වීමෙන් සංචාරකයන් මහත් අපහසුතාවයට පත්ව චෝදනා එල්ල කරන බවද හෝටල් හිමියෝ පවසති.

ඊට අමතරව හෝටල්වල ආහාර සැකසීම සඳහා ගෑස් හිගතාවය හේතුවෙන්ද අර්බුදකාරී තත්වයකට පත්ව ඇත.

මේ හේතු මත සංචාරකයන් කලකිරීමට පත්ව ලංකාවෙන් පිටව යාමට පටන් ගෙන ඇති බවත් මෙය සංචාරක කර්මාන්තයට ඉතා බරපතළ හානියක් බවත් ඔවුන් කියා සිටිති.

Exit mobile version