Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඖෂධ මිල 29%කින් වැඩි කරන්න අවසර

ඖෂධ මිල සියයට 29 කින් වැඩි කිරීමට මිල පාලන කමිටුව  අනුමැතිය ලබාදුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී (11)වැනි දා පැවසීය

ඇතැම් ඖෂධ ගෙන්වීම සඳහා  ණයවර ලිපි විවෘත කිරීමට මුදල් අමාත්‍යාංශය  අවශ්‍ය පහසුකම් සලසාදී ඇතැයිද  ඔහු කීවේය.

රටේ ඖෂධ හිඟයක් කෘතිමව ඇතිවුණේ  ඖෂධ මිල වැඩිවේ  යැයි සිතා ඇතැම් අලෙවිකරුවන් ඖෂධ රඳවාගෙන සිටීම නිසා යැයිද  ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පත් කළ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ  සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

ඖෂධ මිල  කිසිම අයකුට හිතුවක්කාරි ලෙස පාලනය කළ නොහැකි බව සඳහන් කළ  චන්න ජයසුමන මහතා ආනයනකරුවන් සතුව මාස හතරකට ප්‍රමාණවත් ඖෂධ ඇති බවද ප්‍රකාශ කළේය.

රජයේ ගබඩාවල ද මාස හයකට ප්‍රමාණවත් ඖෂධ ඇති බවත්  රටේ ඖෂධ හිඟයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැති  බවත්  ඔහු පැවසීය.

Exit mobile version