Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැසිල්ගේ ව්‍යාපෘතිය යටතේ පිටරටින් ගෙන්වූ කිරි ගවයන් 3600ක් අකාලයේ මිය ගිහින්

බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමති ලෙස සිටියදී දියත් කරන ලද කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය මගින් ගෙන්වන ලද සතුන් 3635ක් අකාලයේ මියගොස් ඒ වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාගත නොහැකි වී ඇති බව කෝප් වාර්තාවෙන් අනාවරණය වේ.

මෙම සතුන් මැණික් ෆාම් සහ රිදියගම යන රජයේ ගොවිපලවල් දෙක තුළ පමණක් මිය ගිය සංඛ්‍යාව ය. මහාචාර්ය චරිත හේරත් සභාපතිවරයා පාර්ලිමේන්තුවට පසුගිය 8 වෙනිදා ඉදිරිපත් කරන ලද කෝප් වාර්තාවේ මෙම දත්ත ඇතුලත් ය. 2009 වර්ෂය අවසන් වනවිට එම ගොවිපලවල් දෙක තුළ පමණක් මෙම සංඛ්‍යාව මියගොස් ඇත.

පශු සම්පත් ඇමතිව සිටි පී. හැරිසන් ද කිරි ගවයන් 20,000ක් ආනයනය කිරීමේ ළු්‍යාපෘතියක් දියත් කරනු ලැබීය. ආරම්භයේ සිටම මෙම ව්‍යාපෘතිය අධික වංචා දූෂණවලින් යුක්ත වූ අතර විවිධ වසංගත රෝගයන්ට ගොදුරු වූ කිරි ගවයන් ආනයනය කර තිබූ බව හෙළි වී තිබිණි

Exit mobile version