Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මේ වසරේ ජූනි 01 වන දාට ප්‍රථම ජාතික පාසල් 542ක් – දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තුව තුළ යෝධ බලය ඇත්තේ පොහොට්ටුව හා ආණ්ඩුවටයි. අපි ආණ්ඩුවක් හැදුවේ ගෙදර යන්න නෙමේ - දිනේෂ්

පාර්ලිමේන්තුව තුළ යෝධ බලය ඇත්තේ පොහොට්ටුව හා ආණ්ඩුවටයි. අපි ආණ්ඩුවක් හැදුවේ ගෙදර යන්න නෙමේ - දිනේෂ්

පාසල් 542ක්, මේ වසරේ ජූනි 01 වන දාට ප්‍රථම ජාතික පාසල් බවට පත්කර අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඊට අදාළව විෂය ධාරාවන් අනුව ගුරුවරු අනුයුක්ත කිරීම, තොරතුරු තාක්ෂණ අංශ ස්ථානගත කිරීම ආදී කටයුතු මෙන්ම පළාත් සභා සමග සාකච්ඡා කර ඊට අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීමේ කටයුතුද සිදුකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අලුත් ආයෝජනයන් අවශ්‍ය පාසල් සඳහා, මුදල් ඇමතිතුමා අය වැය ලේඛනයෙන් මේ වසර සඳහා අවශ්‍ය මුදල් ලබා දී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
පළාත් සභා සමග සාකච්ඡා මාර්ගයෙන් පාසල් පවරා ගැනීම සිදුකරන බවත් එසේ තිබියදී ඒ සම්බන්ධයෙන් බිලම්බීත කතා නොකියන ලෙසත්, ඔහු විපක්ෂයෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ලෝක කාන්තා දිනය යෙදුන (2022.03.08) බාලිකා පාසල් 08 ක් ඇතුළු පාසල් 10ක් ජාතික පාසල් බවට පත් කළ බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි 08 වනදා සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ඇතුළු පළාත් 9 තුළ පාසල් 09ක් ජාතික පාසල් කළ බවත්, ඉන්පසු රක්වාන දෙමළ විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කළ බවත් ඔහු සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මේ බව කියා සිටියේ, (09) දින පාර්ලිමේන්තුවේදී, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Exit mobile version