Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්‍යාලයට කුණු බිත්තර ප්‍රහාරය නොදියුණු ගෝත්‍රික ස්වභාවයේ ප්‍රහාරයක් – ඩලස් අලහප්පෙරුම

21 සමඟ මතුවූ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින් මැතිවරණ කොමිසමේ සභාපති ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම්

21 සමඟ මතුවූ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින් මැතිවරණ කොමිසමේ සභාපති ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම්

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්‍යාලයට (07) එල්ල කරන ලද කුණු බිත්තර ප්‍රහාරය නොදියුණු ගෝත්‍රික ස්වභාවයේ ප්‍රහාරයක් බවත් එය කිසිසේත්ම තමන් අනුමත නොකරන බවත් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අයිතිය කාහටත් තිබුණද මෙවැනි ආකාරයේ පහත් ක්‍රියාවන් සිදුම තමන් කිසිසේත් අපේක්ෂා නොකරන බවත් එය ඔවුන්ගේ ගෝත්‍රික ස්වභාවය පෙන්නුම් කරන තත්ත්වයක් බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ (08) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

කෝට්ටේ සමගි ජන බලවේගය කාර්යාලය වෙත බිත්තර ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මධුර විතානගේ මහතාගේ මෙහෙයවීමෙනි. එහිදී මාධ්‍ය මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඊට පෙර දිනයක ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය ඇතුළු පිරිසක් විසින් සිදුකරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම සිද්ධිය සිදුවන තෙක් බුද්ධි අංශ නොදැන සිටියා යැයි කීම තමන් පිළි නොගන්නා බවයි. බුද්ධි අංශ දැනගත්තද වර්තමාන ජනාධිපතිවරයා රටේ කාටත් සමකාමී සාධාරණ උද්ඝෝෂණ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව එය සිදුකිරීමට වෙනම ස්ථානයක් පවා වෙන් කර ඇති බවත් ඒ අනුව මෙම රජය ඕනෑම කෙනෙකුට සාමකාමී උද්ඝෝෂණය කිරීමේ අයිතිය පිළිගන්නා බවත් අවධාරණය කළේය. එසේ හෙයින් එම උද්ඝෝෂණය බුද්ධි අංශ දැනගෙන සිටියා නම් වැළැක්විය හැකි යැයි පවතින මතය ඔහු ප්‍රතික්ෂේප කළේය.

Exit mobile version