Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුවෙන් ඉවත්වන යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව සම්මත කරයි

ආණ්ඩුවෙන් ඉවත්වන යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව සම්මත කරයි

ආණ්ඩුවෙන් ඉවත්වන යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව සම්මත කරයි

වත්මන් ආණ්ඩුවෙන් ඉවත් යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරුන් විසින් ඒකමතිකව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ එම පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේ පැවති ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුගේ විශේෂ රැස්වීමේදීය.

වර්තමාන දේශපාලනයේ දී අර්බුදයේ දී ගත යුතු පියවර කුමක්දැයි පක්ෂ නායකයා කළ විමසීමට එම රැස්වීමට පැමිණ සිටි පන්සියයක් පමණ වන ආසන සංවිධායකයන් සහ කළමනාකරුවන් සියලු දෙනා පවසා ඇත්තේ වහා ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි.

කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී සඳහන් කර ඇත්තේ මෙව ආණ්ඩුවෙන් ඉවත් වීම උචිත අවස්ථාවක් නොවන බවත් අවශ්‍ය වේලාවේදී ඉවත් වෙන බවත්ය.

මේ අතර ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් කැඳවා තිබේ. එම සාකච්ඡාව (08) පස්වරු 4ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

Exit mobile version