Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජය විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනී

බදු පනත් දෙකක් බලාත්මක වේ

බදු පනත් දෙකක් බලාත්මක වේ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට රජය තීරණය කර ඇත.

එම පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට ඉකුත්දා දැනුම්දී තිබිණි.

එබැවින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළයුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබිණි.

බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා, මත්පැන්, දුම්වැටි, විදුලි සංදේශ, ඔට්ටු ඇල්ලීම හා සුදු, මෝටර් වාහන මත විවිධ අණපනත් යටතේ පනවා ඇති බදු වෙනුවට එක් විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට පසුගිය අයවැයෙන් යෝජනා කර තිබූ අතර, ඒ පිළිබඳ පනත් කෙටුම්පත ඉකුත් ජනවාරි 7 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එම පනත් කෙටුම්පත ඉකුත් ජනවාරි 20 වනදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබිණි.

Exit mobile version