Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශපාලන වශයෙන් වියත් මඟ ‘ෆේල්’; අමාත්‍යවරයෙක් ලෙස ගම්මංපිල ‘ෆේල්‘ – ඩිලාන් පෙරේරා

රනිල්, බැසිල් ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වුනා - ඩිලාන් පෙරේරා

රනිල්, බැසිල් ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වුනා - ඩිලාන් පෙරේරා

‘වියත් මඟ’ දේශපාලන වශයෙන් ‘ෆේල්’ නිසා ඒ පිළිබඳව කථා කිරීම නිෂ්ඵල බවත් රට මුහුණදී සිටින අර්බුදවලට විසඳුම් සෙවීමට ඩිව් ගුණසේකර මහතා වැනි වියතකයකුගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුවේ, විපක්‍ෂයේ සහ පිටත සිටින වියතුන්ගෙන් යුත් කමිටුවක් පත්කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (02) පැවසීය.

වියත් මඟ ෆේල් නම්, වියත් මඟ, වියත් මඟ කිය කියා සිටීමෙන් ඵලක් නොවන බවත් රටේ සිටින ‘වියපත් වියතුන්’ගෙන් ප්‍රයෝජනය ගතයුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

උදය ගම්මන්පිල මහතා අමාත්‍යවරයෙක් ලෙස ‘ෆේල්’ බවද සඳහන් කළ ඩිලාන් පෙරේරා මහතා ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස ‘වොයිස්කට්’ දීම අතහැර අමාත්‍යවරයාගේ වගකීම ඉටු කළ යුතු බවද පැවසීය.

ජනතාව විදින දුක තමන්ද අත්විදින නිසා ඒ පිළිබඳව හොඳ අවබෝදයක් ඇති බව කී ඩිලාන් පෙරේරා මහතා ‘වොයිස් එක කට් කර’ පක්‍ෂ සහ විපක්‍ෂ දෙකෙම සිටින ප්‍රශ්නවලට විසඳුම් දියහැකි අය එකතුව රට මුහුණ දී සිටින අර්බුදය විසඳිය යුතු බවද සඳහන් කළේය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී (02) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා එසේ පැවසීය.

Exit mobile version