Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට ඇමරිකානු ඩොලර් මිලියන 4.75ක්

එක්ස්ප්‍රස් පර්ල් හානියට එරෙහිව විදේශ නීතිඥ ආයතන 2ක සහයෙන් නඩු පැවරීමට පියවර

එක්ස්ප්‍රස් පර්ල් හානියට එරෙහිව විදේශ නීතිඥ ආයතන 2ක සහයෙන් නඩු පැවරීමට පියවර

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට ඇමරිකානු ඩොලර් මිලියන 4.75ක් හෙවත් රුපියල් කෝටි 100 කට ආසන්න වන්දියක් ලැබී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මෙම සිද්ධියෙන් සිදුවූ පාරිසරික හානිය ඇතුළු සෙසු හානීන් සඳහා රක්‍ෂණ සමාගමක් හරහා ඩොලර් මිලියන 64කට අධික වන්දියක් ඉල්ලා ඇති බවත් මේ දක්වා ලැබුණු වන්දි මුදල හදුනාගත් පාර්ශව 23ක් සඳහා වන්දි ප්‍රදානය කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයාා කීය.

ඍජුව හානි වූ ධීවර පවුල් 15,032ක් සදහා රුපියල් ලක්ෂ 7850 ක් වන්දි මුදල් ගෙවීමට නියමිත අතර ඉන් රුපියල් ලක්ෂ 4303ක් මේ වනවිට ගෙවා අවසන් බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

Exit mobile version