Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙනියාය, විහාරහේනෙන් අභිරහස් උමං මාර්ග දෙකක් හමු වෙයි

දෙනියාය, විහාරහේන ප්‍රදේශයේ, ආඬාරදෙණිය මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා මාර්ගය දෙපස ඉවුරු කපන අවස්ථාවේ ආඬාරදෙණිය මංසන්ධිය ආසන්නයේ මෙම උමං මාර්ග දෙක මතුව තිබේ.

මෙම උමං මාර්ග ආරම්භයේදී ම උමං දෙකක් බවට පත්වන අතර ම පිටත සිට බැලීමේදී උමග අවසානයක් පෙනෙන්නට නොමැති බවත්, උමං දෙක ම එක ම ස්ථානයේ මතුව ඇති අතර ඒවා මතුව ඇති ස්ථානය ඉහළින් නිවාස පිහිටා නැති අතර උමං මාර්ග ගමන් කරන ප්‍රදේශය ඉහළින් නිවාස පිහිටා ඇති බව ය.

මෙම උමං කුමන කාලයක ඉදි කළ ඒවා ද? එසේ නොමැති නම් ස්වාභාවිකව ඇති වූ උමං මාර්ග ද? යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

අදාළ උමං මාර්ග පිළිබඳව පරීක්ෂණ කිරීමට මෙතෙක් කිසිදු ආයතනයක් ඉදිරිපත්ව නොමැති බවට වාර්තා වේ.

Exit mobile version