Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරය ගැන ශානි අබේසේකරගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පාස්කු ම්ලේච්ඡ ප්‍රහාරය මෙහෙයවූ බවට සඳහන් වන මොහමඩ් කාසිම් මොහොමඩ් සහරාන් පිළිබඳ පරීක්ෂණ නිසි පරිදි සිදු නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ තමන්ව අත්තඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම (18)වන දින නීතිඥ මංජුල බාලසූරිය මගින් ඉදිරිපත් කර තිබේ. පොලිසිය විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවක් අනුව තමන් අත්තඩංගුවට ගැනීමට සූදානම් වන බව ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත. නිර්ණාමික පෙත්සමක් අනුව කූඨ වාර්තාවක් සකස් කරමින් පොලිසිය විසින් මෙලෙසින් අත්තඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි අදාළ පෙත්සමේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා සහ එහි කාන්තා පොලිස් පරීක්ෂක නිරෝෂනී පතිරණ ඇතුළු 14 දෙනෙකු ය.

Exit mobile version