Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බණ්ඩාරගම සිසුවෙකු ස්වයංක්‍රීයව වැහිපීලි පවිත්‍රකිරීමේ නව නිර්මාණයක් එලිදක්වයි

තම පියා ඩෙංගු රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී සිතට නැඟුණු අදහසක් නව නිපැයුමක ට පරිවර්තනය කර ගත් අපූරු පාසල්සිසුවෙකු බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේදී හමුවිය . ඔහු බණ්ඩාරගම ජාතික පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන ඔහු 15 හැවිරිදි ඔෂාන් රශ්මිත වික්‍රමසුරිය යි.

විදුලි බලයෙන්හෝ බැටරියෙන් ක්‍රියාත්මක කළ හැකි ආකාරයෙන් නිෂ්පාදනය කර තිබෙන මෙම ස්වයංක්‍රීය වැහිපීලි නිර්මාණය, වර්ෂාවක් නිමවූවිට දී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක ව වැහිපීල්ල තුළ තැන්පත්ව තිබෙන ජලය සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත්කිරීමත් ඊට අමතරව පැය විසි
හතරකට වරක් ස්වයංක්‍රීය ක්‍රියාත්මක වි වැහිපීල්ල තුළ තිබෙන ජලය සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත්කිරීමට කටයුතුකිරීම මෙහි ඇති විශේෂත්වයකි. තෙතමනයට ද ඔරොත්තුදෙන ලෙස මෙම නිර්මාණය සිදුකර තිබීම තවත් විශේෂත්වයකි.

මේ වන විටත් වැහිපිලි නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ සමාගම් කීපයක් මගේ නිවසට පැමිණ මේ පිළිබඳ සාකච්ඡා කර මගේ නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කරන්න කටයුතු කරමින් ඉන්නවා යැයි ඔහු තව දුරටත් පැවසීය.

Exit mobile version