Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024දීත් ජනාධිපති පොහොට්ටුවෙන් – රමේෂ් පතිරණ

2024 වසරේදීත් රටේ ජනාධිපතිවරයා බිහිවන්නේ පොහොට්ටුවෙන් බව වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා (12)වන දින බලපිටිය හිනටිය සණස රැස්වීම් ශාලාවේ පැවති පොදුජන පෙරමුණ කාන්තා බල මණ්ඩල රැස්වීම අමතා ප්‍රකාශ කර සිටියේය.

“ඉදිරි තෙවසර රටේ තීරණාත්මක වසර තුනක්. රටේ දැවැන්ත සංවර්ධනයක් වන වසර තුන ලෙසත් එය හදුන්වන්න පුළුවන්. මේ සංවර්ධනයේ ආරම්භය වන්නේ 2022 වසරේදීයි. මේ වසරේදී ආරම්භ කෙරෙන සංවර්ධනය තුළින් රටේ ජනතාවගේ බොහෝ ප්‍රශ්න හා ගැටලුවලට විසදුම් ලැබෙනවා.

මේ සමගම එන 2024 ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපතිවරයා නැවත වරක් බිහිවන්නේ පොහොට්ටුවෙන්. ඒක ඉතා විශ්වාසයෙන්ම කියන්න පුළුවන්.

සමාජ මාධ්‍ය ජාලවලින් ගැහැව්වේ රටේ ආණ්ඩුවක් නැති විදිහටයි. ඒ තරම්ම සමාජ මධ්‍ය ජාලවලින් ආණ්ඩුවට ගැහැව්වා. මොන අභියෝග ආවත්මේ රටේ නැවතත් බිහිවන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක්.

අපි ජනතා මුදල් වලින් රට රටවල සංචාරවල ගියේ නැහැ, වෙන අනවශ්‍ය දේ සදහා මුදල් ව්යදම් කරලත් නැහැ” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

Exit mobile version