Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඌව වෙල්ලස්සේ අක්කර 65,000ක ඉඩම් සිංගප්පූරු සමාගමකට

ඌව වෙල්ලස්සේ අක්කර 65,000ක ඉඩම් සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් (Gazelle Ventures) සමාගමට ලබාදීම සඳහා මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වර්තමාන ආණ්ඩුව අලුතින් පියවර ගැනීම පිළිබඳව සොයා බැලීම සඳහා වෘත්තීයවේදීන් පරසර වේදීන් සහ විද්වතුන් පිරිසක් නිරීක්ෂණ සංචාරයක නිරත වූහ.

ඉන් පසුව, අදහස් දැක්වූ එම පිරිස දැනට දශක එක හමාරකට වැඩි කාලයක සිට විවිධ ආණ්ඩු යටතේ බහුජාතික සමාගම්වලට මෙම ඉඩම් පවරාදීම සඳහා ගෙන යන උපක්‍රමශීලි ක්‍රියාමාර්ග පරාජය කළයුතු බව අවධාරණය කළහ. මෙම අවස්ථාවට කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිහිටියේ පීඨාධිපති ජාතික විද්වත් සංවිධානයේ සභාපති ඉතිහාසය පිළිබඳ මහාචාර්ය චන්දන අබේරත්න, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් වර්තමාන කැළණි විශ්විද්‍යාලයේ ආචාර්ය සෙනරත් දිසානායක, රුහුණු විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරුන් වන ශම්මික ලියනගේ හා දේව මයිකල්, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ඉන්දික තෙන්නකෝන්, යන මහත්වරුන් ද ජේෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර ඇතුළු පරිසර වේදීන් කණ්ඩායමක්ද රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන් ප්‍රමුඛ ආදිවාසීන් කණ්ඩායමක් ද , පැමිණි සිටියහ.

2006 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි කළ පළමු කැබිනට් පත්‍රිකාව දමා අනුමත කොට ඉඩම් අක්කර 65000 ක්, අපව වැනසූ බ්‍රිතාන්‍යයේම බහුජාතික සමාගමක් වූ බූකර් ට්‍රේට් සමාගමට ගිවිස ගත්තේය. ඔවුන් පැමිණ බිබිලේ කාර්යාල දමා වැඩ ආරම්භ කළේය. මීට එරෙහිව කළ දැවැන්ත අරගල හමුවේ ඔවුන් රට අතහැර ගියේය.

Exit mobile version