Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිජාස් හිස්බුල්ලා ට ඇප

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය. ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප දෙකක් මත විත්තිකරු  මුදා හරින ලෙස නියම කෙරුණි.

ඔහුගේ  විදෙස් ගමන් බලපත්‍රය මහාධිකරණය බාරයට ගන්නා ලෙස නියම කළ අතර සෑම මසකම දෙවන හා සිව්වන ඉරිදා පුත්තලම ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී හෝ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට වාර්තා කරන ලෙස ද කොන්දේසියක් පනවා තිබේ.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිඥ හිජාස් ඉස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මස 14 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Exit mobile version