Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාබනික පොහොර සාම්පල් 54ක් අතුරුදන් වෙයි

ලංකා පොහොර සමාගමට අයත්,අම්පාර උදයපුර ප්‍රදේශයේ පිහිටි පොහොර ගබඩාවේ තිබු, 2021 වසරේ ඔක්තොම්බර් මස සිට 2022 පෙබරවාරි මස දක්වා ලබාගත් කාබනික පොහොර සාම්පල් 54ක් අස්ථානගතව ඇතැයි, එම පොහොර සමාගමෙි කනිෂ්ඨ කළමණාකරුවෙකු හා දිස්ත්‍රික් අලෙවි විධායකවරයා (03)වන දින අම්පාර පොලිසියට පැමිණිලිකර තිබේ.‍

විවිධ ආයතන හා ගොවීන්ගෙන් කාබනික පොහොර සාම්පල දෙක බැගින් ලබාගෙන, එක් සාම්පලයක් තත්ත්ව පරික්ෂණ කටයුතු සදහා කොළඹ ලක් පොහොර රසායනාගාරය වෙත යොමුකරන බවත්, අනෙක් සාම්පලය තමන් භාරයේ තබාගන්නා බවත් එසේ තමන් භාරයේ,
අම්පාර උදයපුර ගබඩාවේ තිබු කාබනික පොහොර සාම්පල් 54ක් මෙසේ අස්ථානගතව ඇති බවත්, සමාගමේ මෙම නිළධාරින් දෙපල අම්පාර පොලිසියට සිදුකර ඇති පැමිණිල්ලේ තවදුරටත් සදහන්වේ.

අම්පාර පොලිසිය මෙි පිලිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.

Exit mobile version