Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරය ගැන ඇමති නිෂාන්තගෙන් මතභේදාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ චූදිතයන් සම්බන්ධයෙන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍ය ඇමති සනත් නිෂාන්ත මතභේදාත්මක ප්‍රකාශයක් කර තිබේ.

එම ප්‍රකාශය පදනම් කර ගනිමින් ‘අද’ පුවත්පතේ වෙබ් අඩවිය ප්‍රවෘතියක් පළකර තිබේ. එම වෙබ් අඩවියෙන් මේ පිළිබඳව උපුටා දක්වා ඇති රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය පහත පළවේ.

“පාස්කු ප්‍රහාරය වේලාවේ මේ පිළිබදව තොරතුරු වසං කළා කියලා, ජනතාව ආරක්ෂා කළේ නැහැ කියලා, එදා හිටපු පොලිස්පතිතුමා අද ඉන්නේ හිර ගෙදර නම්, එදා හිටිය ආරක්ෂක ලේකම් අද ඉන්නේ හිර ගෙදර නම්, ඔය කියන කාල සිමවේදි හිටපු ජනාධිපතිවරයාට මූක්තිය කියන එකකුත් තිබුණේ නැත්නම්, සේනාවිධායක හිටපු සිරිසේන ජනධිපතිවරයාගෙන් කට උත්තරයක් වත් ගන්නේ නැත්නම්, රජය පැත්තෙන් ඔවුන් ආරක්ෂා කරනවාද කියලා කියන එක ගැන කතෝලිකයකු හැටියට මගේ හෘද සාක්ෂියත් කතා කරනවා. ඒ නිසා අද ජනාධිපතිතුමා අගමැතිතුමා යම් කිසි දෝෂාරෝපනයක් ලබනවා නම්, අපේ නායකයෝ දෙදෙනාත් හෘද සාක්ෂියෙන් අහලා බලන්න උවමනායි”

මේ වනවිට රට පුරා සිටින කිතුණු බැතිමතුන් ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කරමින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට යුක්තිය පසිඳලීමට ක්‍රියා නොකරන්නේ යැයි ආණ්ඩුවට විරෝධය පළකරමින් සිටිති. මෙම පසුබිම තුළ රාජ්‍ය ඇමතිවරයා ඉහත සඳහන් ප්‍රකාශය කර තිබේ.

Exit mobile version