Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උද්ධමන ඇති රට බවට පත්වෙයි

අසාර්ථක කලමනාකරනය, අසාර්ථක අස්වැන්න, අඩුවෙමින් පවතින විදේශ විනිමය, සංචිත සංරක්ෂණය කිරීම සඳහා ආනයන සීමා කිරීම් සහ ප්‍රධාන භාණ්ඩවල ඉහළ මිල ගණන් හේතුවෙන්ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය පාකිස්තානයේ උද්ධමන අනුපාතයත් ඉක්මවමින් ආසියාවේ ඉහළම උද්ධමන අනුපාතය ඇති රට බවට පත්ව ඇති බවට බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.

තව දුරටත් පවසන්නේ තම මධ්‍ය ඇස්තමේන්තුව වූ 13.2% ට වඩා වේගයෙන් පාරිභෝගික මිල ගණන් ජනවාරි මාසයේදී වසරකට පෙර සිට 14.2% කින් ඉහළ ගොස් ඇති බවයි. එනම් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික උද්ධමන අනුපාතයද සියයට 6.9 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවට මේ වසරේ දී ඩොලර් බිලියන 7කට ආසන්න ණය ගෙවාදැමීමට තිබුණත් පවතින විදෙස් සංචිතය ඩොලර් බිලියන 3කට ආසන්න වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිපාලනය මේ මාසයේ ඩොලර් බිලියන 1ක සහන පැකේජයක් ප්‍රකාශයට පත් කළ බවත් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ අසාර්ථක වූ බෝග සඳහා ගොවීන්ට වන්දි පිරිනැමීම සඳහා ආහාර සහ ඖෂධ මිල ඉහළ දැමීම හේතුවෙන් මහජතාවගේ කනස්සල්ල සමනය කිරීමට මේ හරහා උත්සාහ කර ඇති බවත් ඔවුන් පවසයි.

Exit mobile version