Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාබනික පොහොර අවුලෙන් ගැබිණි මව්වරුන්ට ත්‍රීපෝෂත් නැති වෙයි

ප්‍රමාණවත් පරිදි බඩඉරිඟු නොලැබීම හේතුවෙන් ජාඇල ත්‍රීපෝෂ කම්හලේ ත්‍රීපෝෂ නිෂ්පාදන කටයුතු සිදු කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව වාර්තා වේ.

මේ තත්වය පිළිබඳව එම සමාගම ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර සැපයුම්කරුවන් හරහා විදේශයෙන් බඩඉරිඟු ආනයනය කිරීම සඳහා මේ වනවිට අවසර ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 1,500ක් ආනයනය කිරීමට නියමිත බව එම සමාගමේ ආරංචි මාර්ග පවසයි.

මෙරට නිෂ්පාදනය කරනු ලබන බඩඉරිඟු සඳහා අවශ්‍ය රසායනික පොහොර සහ කෘමිනාශක නොමැති වීමෙන් මහ කන්නයේ බඩඉරිඟු අස්වැන්න බොහෝ සෙයින් අඩු වී ඇති අතර බඩඉරිඟු වගාවන් සදහා කබනික පොහොර යොදනු ලැබුවත් බඩඉරිඟු අස්වැන්න අසාර්ථක වී ඇතැයි ගොවීන් පවසති.

Exit mobile version