Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට තීරණයක්

ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට තීරණයක්

ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට තීරණයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට රජය තීරණය කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ නිත්‍යනුකූල රජය හදිසියේ බිඳවැටීම සහ තලේබාන් සංවිධානය කාබුල් අගනුවර අල්ලා ගැනීමෙන් පසුව ඇතිවූ අවිනිශ්චිත දේශපාලන තත්වය සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය කර තිබේ.

තලේබාන් සංවිධානය කාබුල් නුවර අල්ලා ගැනීමෙන් පසුව, එරට සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා පෞද්ගලික නිවාඩු ලබා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ සමඟම එම තානාපති කාර්යාලයේ කටයුතු අක්‍රියව පැවතුණි.

ඒ අනුව කාබුල් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිර්දේශ කර තිබු අතර, ජනාධිපතිවරයාගේ නියෝගය මත එම තානාපති කාර්යාලය වසා දමා ඇත.

Exit mobile version