Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට, වසරේ පළමු දින 21ට රෝගීන් 5,783ක්

ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට

ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට

මෙම වසර ආරම්භයේ සිට 21 වැනිදා දක්වා සති තුනක් ඇතුළත ඩෙංගු රෝගීන් 5,783ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. රෝගීන්ගෙන් 60%ක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි.

බස්නාහිර පළාත හැර බදුල්ල, මහනුවර, ගාල්ල, යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක තුළින් ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් හඳුනාගෙන තිබේ.

ඩෙංගු 2වැනි කාණ්ඩයේ වයිරස් ප්‍රභේදය වැඩිපුර දක්නට ලැබුණත් 3වැනි කාණ්ඩයේ වයිරස් ප්‍රභේදය වාර්තා වීමේ අනුපාතය පසුගිය වසරට වඩා ඉහළ අගයක් ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව මෙම වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2057ක්ද දෙවැනි සතිය තුළ ඩෙංගු රෝගීන් 2081ක්ද වාර්තා වී ඇත.

Exit mobile version