Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මඩකලපුව ආක්‍රමණය කරන හමුදා පදිංචි කිරීම්! සත්‍ය තත්ත්වය කුමක්ද?

මඩකලපුව දිස්ති‍්‍රක්කයේ පුන්නෙයිකුඩා වෙරළ තීරයේ දැවැන්ත යකඩ බට ගෙනැවිත් පොළොව හාරා වැළලීම සිදු වෙමින් පවතින බව මීට දින දෙකකට පෙර අප වෙබ් අඩවියේ වාර්තා කළෙමු.

මෙම තත්ත්වය මත එම ප්‍රදේශයට අද දින මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් මහතා ගොස් නිරීක්ෂණයක යෙදුණි.

එමෙන්ම, එම ප්‍රදේශයට ආසන්නයේ පිහිටි තල් සහ පොල් ගස්වල ‘මෙය හමුදා දේපළකි. මෙහි අනවසරයෙන් ඇතුළුවීම තහනම්’ යන දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර තිබේ.

මෙම ප්‍රදේශයේම සිංහල ජනතාව සඳහා ඉඩම් ලබාදී ඔවුන්ව පදිංචි කිරීමේ කටයුතු T.M.V.P. නායකත්වයෙන් මෑතකදී සිදු විය.

අප වෙබ් අඩවියෙන් මේ පිළිබඳව අනාවරණය කිරීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මේ පිළිබඳව සොයා බලා තිබේ.

Tamilwin ඇසුරෙන්

Exit mobile version