Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2020 පැරාලිම්පික් හි රන් පදක්කම්ලාභී දිනේෂ්ට අගමැතිගෙන් නිවසක්

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරඟාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමඟ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා වෙත නව නිවසක් ලබාදීම, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේදී සිදුකෙරිනි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 02, කොම්පඤ්ඤ වීදියේ පිහිටි මෙට්රෝස් හෝම්ස් නිවාස ව්‍යාපෘතියේ 40 ඒ 4/10 දරණ නිවස මෙලෙස නිදහස් දීමනාවක් ලෙස දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතාට ප්‍රදානය කෙරිණි.

 

Exit mobile version