Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශපාලඥයන් පිටු දැක එකට එක් වූ සිවිල් සමාජ සංවිධාන

ආර්ථික අර්බුදය සහ ජනතාවගේ අනාගතය පිළිබඳ සාකච්ඡාවක් අද දින මඩකලපුව ඇමරිකන් මිෂන් ශාලාවේදී පැවැත්විණි.

බ්ලේජ් රූ රීස්‍රෝර් පදනම ගොඩනැංවීම සඳහා එක් උත්සාහයක් යන සංවිධානයේ නායක ඒ. සිවයෝගනාදන් මහතාගේ මූලිකත්වයෙන් සිවිල් සමාජ සංවිධාන ඇතුළු සංවිධානය කිහිපයක් එක් වී එක් වෙනසක් සඳහා වන සාකච්ඡාවක් පැවතිණි.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වත්මන් අනාගත තත්ත්වය හා ආහාර ආරක්ෂාව ස්ථිර කිරීම සඳහා වන යුතුකම් මොනවාද? , අනාගත දේශපාලන ක්‍රියාකාරකම් කෙසේ වේද? යන්න පිළිබඳ කතාබහට ලක් විය.

වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාව ආරක්‍ෂා කරන්නේ කෙසේද, කුමන ආකරයක වෙනස් කි‍්‍රයාමාර්ග ක්‍රියාත්මක කළ යුතුද? යන්න පිළිබඳ කරුණු රැසක් මෙහිදී ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාවට සිවිල් සංවිධාන නායකයින්, බහු ආගමික නායකයන් සහ බිසෝවරු යන අය සහභාගී වී ඇතැයි දැනගන්නට ලැබිණි.

Exit mobile version