Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“පොලිස්පතිකම කාදිනල්ට දෙන්න” – ඥානසාර හිමි ජනාධිපතිට යෝජනා කරයි

අටමස්ථානයේ ගරුත්වය වෙනුවෙන් පල්ලේගම හිමි වහාම ඉල්ලා අස්වෙන්න – ඥානසාර හිමි

අටමස්ථානයේ ගරුත්වය වෙනුවෙන් පල්ලේගම හිමි වහාම ඉල්ලා අස්වෙන්න – ඥානසාර හිමි

පොලිස්පතිකම කාදින්ලට දෙන්නැයි ජනාධිපතිට යෝජනා කරන බව එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන් කියයි.

හාමුදුරුවන් මේ බව ප්‍රකාශ කළේ (15) බදුල්ලේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් කීවේ මෙසේය:

“කාදිනල්තුමාගෙ ඇතැම් හැසිරීම් මට පේන්නෙ නිල නොවන පොලිස්පති වගේ. ඉන්වෙස්ටිගේෂන් සිදුවන ක්‍රමයක් තියනවා නෙ. මේක සාමාන්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. කාදිනල්තුමා තමන්ගෙ ප්‍රජාව වෙනුවෙන් කතා කරන්න ඕන. පෙනී ඉන්න ඕන, ඒක කිසිම ප්‍රශ්නයක් නෑ, මම දැක්කා ඊයෙ මාධ්‍යවල පොලිස්පතිවරයා ඒ පැහැදිලි කිරීම කළා. පොලිසිය භාර ඇමති ඒ පැහැදිලි කිරීම කළා.

“අද මං දැක්කා එතුමා ප්‍රති උත්තර දීලා තියනවා. මේවා නිකම් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න හොඳ කතා කියලා. එහෙමනම් අපි පොලිස්පතිකම බාර දෙන්න ඕන කාදිනල්ට. මං හිතන්නෙ ඒක තමයි ජනාධිපතිතුමා කළ යුත්තෙ”.

Exit mobile version