Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩොලර් මිලියන 500ක ණය වාරිකය ගෙවීමෙන් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්විය හැකි – ආචාර්ය නිෂාන් ද මෙල්

ඩොලර් මිලියන 500ක ණය වාරිකය ගෙවීමෙන් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්විය හැකි - ආචාර්ය නිෂාන් ද මෙල්

ඩොලර් මිලියන 500ක ණය වාරිකය ගෙවීමෙන් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්විය හැකි - ආචාර්ය නිෂාන් ද මෙල්

අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය වාරිකය (18)ගෙවා දැමුවහොත් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්විය හැකි බව ආර්ථික විෂ්ලේශකයින් පෙන්වා දෙනවා.

වෙරිටේජ් රිසර්ච් ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් පැවසුවේ ණය වාරිකය ගෙවීම සඳහා ඇති ඩොලර් මිලියන 500 මේ වන විට රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදය විසදා ගැනීමට භාවිත කිරීම දැනට ඇති එකම විකල්පය බවයි.

ගෙවීමට නියමිත ණය වාරිකය සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් සමග සාකච්ඡා කර ප්‍රතිව්‍යුහගත කර ගැනීමක් සිදුකිරීම වඩාත් යෝග්‍ය බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ. එසේ වුවහොත් ගෙවීමට නියමිත ණය වාරිකය නොගෙවීම මගින් රටට අහිතකර ප්‍රතිඵල අත්නොවනු ඇති බවද ආචාර්ය නිෂාන්ද මෙල් මෙහිදී ප්‍රකාශ කළා.

ණය වාරිකය ගෙවීමට ඇති ඩොලර් මිලියන 500ය වරායේ දැනට සිරවී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ මුදා ගැනීමටද යෙදවිය හැකි බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

– neth

Exit mobile version