Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“රු.5000 බැගින් ලබා දීලා රටෙන් එළියට යන විදේශ විනිමය අඩු කරන්න බැහැ” – විමල්

මිරිහාන විරෝධතාවයේ නිරත වූ පිරිස අන්තවාදීන් නම් ඔක්කොම ජනතාව අන්තවාදියෝ - විමල් වීරවංශ

මිරිහාන විරෝධතාවයේ නිරත වූ පිරිස අන්තවාදීන් නම් ඔක්කොම ජනතාව අන්තවාදියෝ - විමල් වීරවංශ

ණය රැගෙන සැපට ජීවත් වූ යුගයක අවසානය සනිටුහන් වී ඇති බවත් මේ මොහොතේ රට තුළ පවතින කේන්ද්‍රීය අභියෝගය වන්නේ විදේශ විනිමය උපදවාලිය හැකි පිරිස බලගැන්වීම බවත කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එසේ විදේශ විනිමය උපදවාලිය හැකි ප්‍රමුඛතම පිරිස වන කර්මාන්තකරුවන් බලගන්වමින් යන ගමනකට තමන් ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශය සූදානම් යැයිද ඔහු පැවැසීය.

(12) සවස කොළඹ ගලදාරී හෝටලයේ පැවති “CNCI Achievers Awards 2021 for Industrial Excellence” උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් පැවැත්වූ දේශනයේදී ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

“අපට බොරු කරන්න බැහැ. අපට ඩොලර් අච්චු ගහන්න බැහැ. අපට විදේශ විනිමය උපයන්න නම්, මේ රටෙන් එළියට යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කරන්න නම් ඊට අවශ්‍ය පියවර ගත යුතුයි. රුපියල් 5000 බැගින් ලබා දීලා ඒ කරන්න බැහැ. අද පවතින කේන්ද්‍රීය අභියෝගය, විදේශ විනිමය ඇද්දවිය හැක්කේ කාට ද, ඒ අයවයි බලගැන්විය යුත්තේ. විදේශ විනිමය උපදවිය හැකි අය තමයි කර්මාන්තකරුවන් වන ඔබලා.

‘මේ ණය ගෙවන්න – තවත් ණයක් ගැනීම’ වැනි උත්තරවලින් යන්න පුළුවන් උපරිම දුර අපි ඇවිල්ලා තිබෙන්නේ. රේටින්ස්වලින් වට්ටලා තිබෙන තැනත් එක්ක අපට ණයක් දෙන්න කවුරුත් හිත හදා ගන්නේ නැහැ. ඒ නිසා ‘ණය අරන් සැපට ජීවත් වූ යුගය ඉවරයි’ කියා හිතලා මේ රටේ කර්මාන්ත බලගන්වලා, අපේ කර්මාන්තකරුවන් විදේශ විනිමය උපදවන මහා බලඇණිය බවට පත්කිරීමයි අප විසින් කළ යුතුව තිබෙන්නේ.

රජයක් හැටියට අපි ඒ අරමුණ වෙනුවෙන් කැපවෙනවා. ඊට අදාළ පහසුකම් සැපයීමට කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අප ඇපකැප වී කටයුතු කිරීමට සූදානම්”.

Exit mobile version