Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20කින් සමන්විත භාණ්ඩ මල්ලක් රු 3998/=ට ලංකා සතොසෙන් – බන්දුල ගුණවර්ධන

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20කින් සමන්විත භාණ්ඩ මල්ලක් රු 3998/=ට ලංකා සතොසෙන් - බන්දුල ගුණවර්ධන

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20කින් සමන්විත භාණ්ඩ මල්ලක් රු 3998/=ට ලංකා සතොසෙන් - බන්දුල ගුණවර්ධන

සුපිරි සම්බා සහල් කිලෝ 10ක් ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20කින් සමන්විත භාණ්ඩ මල්ලක් රු 3998/=ට ලංකා සතොසෙන් ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

සුපිරි සම්බා කිලෝ 10ක්
සුදු සීනි කිලෝවක්
රතු පරිප්පු කිලෝවක්
ඉඳිආප්ප පිටි කිලෝවක්
හාල්මැස්සන් ග්‍රෑම් 500ක්
නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්
මේස ලුණු ග්‍රෑම් 400ක්
පොල්ගෙඩි 2ක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්)
මිරිස් කුඩු ග්‍රෑම් 100ක්
ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100ක්
තුනපහ කුඩු ග්‍රෑම් 100ක්
කහකුඩු ග්‍රෑම් 100ක්
STC තේකොළ ග්‍රෑම් 100ක්
ඇඟ ගල්වන සුවඳ සබන් ග්‍රෑම් 80 කැටයක්
සතොස සඳුන් සබන් කැටයක්
දෑත් සෝදන දියර මිලිලීටර් 100ක්
සෝයාමීට් ග්‍රෑම් 90ක්
සතොස TFM අගය සහිත රෙදි සෝදන සබන් කැටයක්
පපඩම් පැකට් 1ක්
මුහුණු ආවරණ 10ක් මෙම භාණ්ඩ මල්ලට ඇතුලත් වනවා.

මෙම භාණ්ඩ මල්ල රු.3 998/= කට පාරිභෝගිකයා වෙත ලබාදීමට ලංකා සතොස අළෙවිසැල් හරහා (14) සිට පහසුකම් සලසා තිබෙනවා.
කෙසේ වුවද වෙළෙඳපොල සමීක්ෂණයකට අනුව, අනෙකුත් සුපිරි වෙළෙඳසැල් ජාල වලින් මෙම භාණ්ඩ වර්ග 20 මේ ප්‍රමාණයන්ගෙන්ම ලබා ගන්නා විට රු.6521/=, රු.5834/=, රු.5771/= ක් වශයෙන් ගෙවීමට සිදු වූ බවත්, මෙම භාණ්ඩ මල්ල රු.3998/= ක මුදලකට පාරිභෝගිකයා විසින් ලබා ගන්නා විට අවම වශයෙන් රු.1750/=ක වාසියක් ලැබිය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම නවීන තාක්ෂණය යටතේ දේශීය ව්‍යවසායකයෙකු විසින් සකස් කර අපනයනය කරනු ලබන දියර පොල් කිරි පැකැට්ටුවක් ද මෙම සහන මල්ලට ඇතුළත් කිරීමට හැකියාව ලද බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඒ අනුව ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පොල්ගෙඩි දෙකක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්) රු.150/=ක සහනමිලට පාරිභෝගිකයා වෙත නිකුත් කෙරෙන බවද සඳහන් කළා.

එමෙන්ම ලංකා සතොස අළෙවිසැල් නොමැති ප්‍රදේශ වල ජනතාවට ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් මෙම භාණ්ඩ මල්ල නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

Exit mobile version