Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාබනික වැඩපිළිවෙළෙන් මගේ වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වුණා – මහින්දානන්ද

කාබනික වගා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ගොස් සිය වසර 32ක දේශපාලනය විනාශ වුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමග කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය.

”මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවියෝ කරන චෝදනා අසාධාරණ යි කියලා මම හිතන්නෙ නෑ. මේ වැඩේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මගේ වසර 32ක දේශපාලනය විනාශ වුණා. එහෙම වුණත් රටට ත්, ජනතාවට ත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා මම ඉදිරියට ත් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න ජනාධිපතිවරයා හා රජය සමග කැප වෙනවා.”

”මෙරටට සහල් ආනයනය කරනවාට මම පෞද්ගලිකව කැමති නෑ. වෙළඳපොළේ හාල් මිල පාලනය කරන්න මෙවැනි පියවර ගැනී⁣මෙන්⁣ ගොවියාට වී වලට ලැබෙන මිල අඩු වෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න තමයි රජය මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 75ක් ගෙවන්න තීරණය කර තිබෙන්නේ. රුපියල් පනහට තිබුණ වී මිල රුපියල් 75 දක්වා වැඩි කර ගොවියාට මහ කන්නයේ සිදුව ඇති අලාබයට වී කිලෝවකට රුපියල් 25ක් වැඩිපුර ගෙවන්න රජය පියවර ගෙන තිබෙනවා.”

Exit mobile version